Annual General Meeting 2017

The Annual General Meeting of the Statistics & Computer Science Student Association (SCSSA) was held on 3rd May 2017 from 12pm onward at Science Auditorium.

 

 

 

Advertisements

STATISTICAL CAMP 2016

dsc_0072

Statistics Camp-2016 jointly organized by the Department of Statistics & Computer Science & computer Science Students’ Association (SCSSA) was held at Sarvodaya Institute of Higher Learning, Bandaragama on 26th and 27th November 2016 for the consecutive 7th year by the guidance and support of the foreign resource person: Prof.S.Chakraverty, National Institute of Technology Rourkela, India. Also the resource persons Mrs.D.A.B.N.Amarasekara, Dr.S.D.Vishwakula, Mr.R.A.B.Abeygunawardana, Mr. E.R.A.D.Bandara from the university of Ruhuna and university of Colombo participated along with five students from university of Ruhuna.

Level II students following Statistics was focused with the theme “Statistics for uncertainty”.

The major objective of the camp was to:

Give an opportunity to the students to apply the statistical theories and methods they studied at the class in practically during variety of field work.

Through the statistical camp students will be able to:

  • strengthen the cooperation among each other.
  • improve the ability of students to work in teams.
  • develop their social skills and communication skills.
  • obtain the views and experience the teaching methods of resource person(s)from different State Universities.

 

To raise funds of the Students’ Association,

  •      an ice cream “dansela”  was held.

 

  • film festival was organized.

img-20161007-wa0000

මොනවද මේ Bitcoin [ 2 කොටස – digital මුදල් සහ bitcoin]

Bitcoin දෙවනි ලිපියෙන් කතා කරන්නෙ ඩිජිටල් වශයෙන් අර්ථ දක්වපු මුදලක් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද සහ ඒකෙදි මතුවෙන ගැටළු මොනවද කියන එක ගැන. Bitcoin කියන්නෙ එකපාරම තේරුම්ගන්න අපහසු සංකල්පයක් නිසා පියවරෙන් පියවර පොඩි දේවල් වල ඉඳන් තේරුම් ගන්න වෙනව.

සාමාන්‍ය ජීවිතයෙදි….

SRI_L-NEWF-20-2010 copy

හිතන්න මං ළග රුපියල් විස්සෙ කොලයක් තියනව. මං ඒක ඔබට දෙනව. ඔබ රුපියල් විස්ස අතට ගත්තට පස්සෙ මට ඒක නැවත වියදම් කරන්න බෑ. තව කෙනෙකුට දෙන්නත් බෑ මොකද ඒක ඔබ ලඟ තියන නිසා. ඔබට කැමති ආකාරයකට දැන් ඒක වියදම් කරන්න පුලුවන්.

මේ වගේ සාමාන්‍ය ජීවිතයෙ සිදුවීමකදි මගේ ළඟ තිබ්බ රුපියල් විස්ස ඔබට දෙන්න උදව් කරන්න තවත් කෙනෙක් අවශ්‍ය වෙන්නෙ නෑ. මම රුපියල් විස්ස දෙනව. ඔබ ඒක ගන්නව. කතාව ඉවරයි..

ඩිජිටල් විස්සක්?

digital 20

ඩිජිටල්  රුපියල් විස්සක් ගැන හිතමු. හිතන්න ඒක නිකන් mp3 file එකක්  වගේ සාමාන්‍ය ෆයිල් එකක් කියල. ඔන්න මම ඔබට දෙනව රුපියල් විස්සෙ ෆයිල් එක. හැබැයි මේක රුපියල් විස්සෙ කොලයක් නොවන නිසා මට ඒක ඔබට දෙන්න වෙන්නෙ පෙන් එකක දාල. නැත්නම් email කරල එවන්නත් පුලුවන්. දැන් ඔබ ලබාගන්න ඩිජිටල් විස්ස ඔබගෙ විතරමයි කියල ඔබ දැනගන්නෙ කොහොමද? සමහරවිට මම ඒක ඔබට දෙන්න කලින් වෙන කෙනෙකුටත් යවල තියෙන්න පුලුවන්….

දැන් මොකද කරන්නෙ?

මේ ප්‍රශ්නෙට නමකුත් තියෙනව. ඒක තමයි Double-Spending Problem හෙවත් දෙපාරක් වියදම් කිරීමේ ගැටලුව. සියලුම ඩිජිටල් මුදල් ඒකක මේ ප්‍රශ්නෙට මුහුන දෙනව.  මේකට දෙන්න පුලුවන් විසඳුම තමයි වියදම් කරපු එක කොහේහරි සටහන් කරල තියන එක. ඒ කියන්නෙ ලෙජර් එකක් හදල තියෙන එක. ඔබ දැකල ඇති පරිගණක ක්‍රීඩා වල තියෙන ඩිජිටල් මුදල් වල මේ දේ සිද්ද වෙනව. ගේම් එකේ coins/credits වියදම් කරාම ඒක කොහේහරි ෆයිල් එකක සේව් වෙනව.

ledger

දැන් හොඳට බැලුවොත් පේනව මේ ඩිජිටල් වැඩේදි ගණුදෙනු කරන දෙන්න ඇරෙන්න අතරමැදි ක්‍රියාවලියක් මේ ගණුදෙනුවට හවුල් වෙලා තියෙන බව. දැන් නම් ප්‍රශ්නෙට විසදුමක් ලැබුන වගේ. අතරමැදියා අපේ ගණුදෙනු සටහන් කරගන්න නිසා දෙපාරක් වියදම් කරන්න ලැබෙන්නෙ නෑ.

ප්‍රශ්නෙ ඉවරද?

ඉවරයි කියල හිතුවට ඉවරම නෑ. අපි ආයෙත් ගේම් එකේ coins ගැන බලමු. හිතන්න ගේම් එක හදපු කෙනා දන්නව ගේම් එකේ coins සේව් වෙන්නෙ කොහෙද කියල. ඔහුට ඕන නම් පුලුවන් ඔහු  අඳුරන යාලුවෙකුට ගේම් එකේ coins වැඩි කරල දෙන්න. ආයෙත් ප්‍රශ්නයක් නේද?

අතරමැදියා අවංක නොවුනොත් වැඩේ සම්පූර්ණයෙන්ම කොට උඩ. ඇත්තටම ගණුදෙනු කරන්න ගන්න මුදල් ඒකකයක මේ දුර්වලතාව තියෙන්න බෑ කියල දැන් තේරෙනව ඇති.

මේකට දෙන්න පුලුවන් විසදුම තමයි එක්කො සම්පූර්ණයෙන්ම අවංක අතරමැදියෙක් යොදාගන්න එක. එහෙමහ් නැත්නම් තනි මැදිහත්කරුවෙක් නැතුව කිහිප දෙනෙක් යොදාගන්න එක. (හැම කෙනාම වංචාකාරයො වීමේ සම්භාවිතාව අඩු නිසා).

ගැටළු සහ විසඳුම් ආයෙත්..

ඩිජිටල් මුදල් බ්හාවිතයෙදි ආපු මූලික ගැටළු දෙක සාරාංශයක් විදියට බැලුවොත් මෙහෙමයි.

  • දෙපාරක් වියදම් කිරීම.
  • අතරමැදියා අවංක නොවීම.

අවසන් විසඳුම

solution

හිතන්න අපි අර දෙපාරක් වියදම් කරන එක නවත්තන්න ගණුදෙනු සටහන් කරන ෆයිල් එක ඉන්ටනෙට් එකට දාල හැමෝටම ඩවුන්ලෝඩ් කරගන්න දුන්න කියල. ගේම් එකක් නම් ගේම් එක ගහන හැමෝටම ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුලුවන් කියල හිතමු. හැමෝම තමන් කරපු ගනුදෙනු ෆයිල් එකේ සටහන් කරල දවසෙ අන්තිමට හැමෝගෙම ගණුදෙනු මුලින් තිබ්බ ෆයිල් එකේ ඒවයින් අඩු වැඩි කරාම බැලන්ස් වෙනවද කියලත් බලන්න ඕන කියල හිතමු.

දැන් මම එකම coins තුන්පාක් වියදම් කරල ගේම් එකේ වෙපන්ස් 3ක් අරගෙන එක වියදමක් විතරක් මගේ ෆයිල් එකේ සටහන් කරගත්තට හරියන්නෙ නෑ. අනිත් අය ගාවත් ෆයිල් එක තියෙනව. ඒ අය මගේ ගණුදෙනු එක්ක එයාලගෙ ෆයිල් එකේ තියන මගේ සල්ලි ගානයි ගේම් එකේ කලින් තිබුණු වෙපන්ස් ගානයි  මට ලැබුණු වෙපන්ස් ගානයි සසඳල බැලුවම අවුලක් එනවනෙ. එතකොට මම අමතරව ගත්තු වෙපන්ස් දෙක හොරට ගත්තු ඒව බව නිකන්ම අහු වෙනව.

බිට්කොයින්

බිට්කොයින් වල වෙන්නෙත් කලින් කියපු සිදුවීමම තමයි. මූලිකවම ගත්තොත් bitcoin වලට ප්‍රධාන ලෙජරයක් තියෙනව. ඒක හැමෝටම ලබාගෙන බලන්න පුලුවන්. අන්තර්ජාල හරහා සම්බන්ද නිසා හැම ගණුදෙනුවක් කරන හැම වෙලාවකම සම්බන්ධ වෙලා ඉන්න හැමෝගෙම ලෙජර් එක්ක ගණුදෙනුව සැසඳෙනව.

ප්‍රශ්ණ විසඳුනාද?

ලෙජර් එක update වෙන කතන්දරේ නිසා දැන් දෙපාරක් වියදම් කරන්න බෑ. පද්ධතියට මිලියන ගානක් සම්බන්ද වෙලා ඉන්නව නම් කොහොමටවත්  දෙපාරක් වියදම් කරන්න තියා හිතන්නවත් බෑ.

අතරමැදියා අවංක නොවීම දැන් බලපාන්නෙ නෑ. දැන් තනි අතරමැදියෙක් නෑ. හැමෝම ගණුදෙනු කරනව. හැමෝම ලෙජර් එකත් update කරනව. ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ වගේ.

bitcoin_ledgers_maintained_by_peers

දැන් bitcoin වැඩ කරන්නෙ කොහොමද කියල හැමෝටම අවබෝධයක් ඇති. මෙතනින් ඉවර නෑ. තව bitcoin ගැන කතන්දර ගොඩක් තියෙනව. සාමාන්‍ය මුදලක තියෙන දුර්වලතා bitcoin වලින් මඟහරවල තියෙන්නෙ කොහොමද? ගණුදෙනුවල රහස්‍ය භාවය ආරක්ෂා කරන්නෙ කොහොමද? bitcoin හොයාගත්තෙ කවුද? bitcoin හැදෙන්නෙ කොහොමද? bitcoin වලට තියෙන ආරක්ශාව මොන වගේද? bitcoin හැක් කරන්නෙ කොහොමද? වගේ ප්‍රශ්න ගණනාවක් මේ ලිපි මාලාවෙන් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනව.

මීලඟ ලිපියෙන් මූලික වශයෙන් සාමාන්‍ය මුදලක තියෙන දුර්වලතා bitcoin වලින් මඟහරවල තියෙන්නෙ කොහොමද? කියන එක සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනව.

 

මොනවද මේ Bitcoin [ I කොටස – මුදල් වර්ග]

මේ ලිපි මාලාවෙදි Bitcoin කියන්නෙ මොකද්ද? ඒකෙ ක්‍රියකාරීත්වය සහ ඒ හා සම්බන්ධව ඔබ දැනගත යුතු දේවල් ගැන සවිස්තරාත්මකව අධ්‍යයනයක් කෙරෙනව.  bitcoin කියන්නෙ අළුත් අදහසක් නිසා පියවරෙන් පියවර bitcoin තේරුම් ගන්න ඕන. ඒ නිසා මුලින්ම මුදල් වර්ග ගැන බලමු.

සාමාන්‍ය මුදල්

01-CASH-blackසාමාන්‍ය භාවිතයේ පවතින මුදල් ගැන ඔබට ඇත්තේ මොන වගේ අදහසක්ද? මේ වගෙ ප්‍රශ්නයක් ඔබෙන් ඇහුවොත් ඔබ සතුව උත්තර ගණනාවක් තියෙන්න පුලුවන්. සාමාන්‍ය මුදල් භාවිත කරල අපට භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුලුවන්. ඒ වගේ ම ඒව භෞතිකයි. අපිට අල්ලන්න දකින්න පුලුවන්. ගණුදෙනුවකදි කෙනෙකුට මුදල් දුන්නම ඔහුට භෞතිකව ඒ මුදල් ලැබෙනව සහ මුදල් දෙන කෙනාගෙන් භෞතිකව ඒ මුදල් අඩු වෙනව.

තවත් ටිකක් එහාට ගියොත් තේරුම් ගන්න පුලුවන් සාමාන්‍ය මුදල් වල වටිනාකම් තීරණය වෙන්නෙ රත්‍රන් මත. රත්‍රන් වල වටිනාකම තමයි අපි මුදල් වලින් නිරූපනය කරන්නෙ. ඒ වගේම සාමාන්‍ය මුදල් පාලනය කරන්න පුලුවන්. ඒ කියන්නෙ යම් කිසි රටක රජයකට මුදල් අච්චු ගහන්න පුලුවන්. ඒ වගේ අවස්ථා වල අදාල මුදල් ඒකකයෙ වටිනාකම අඩු වෙනව වගේ වෙනස්කම් සිද්ධ වෙනව.


Digital මුදල්

indexහැමදේම ඩිජිටල් වෙද්දි ඩිජිටල් මුදල් තියෙන්න බැරිද? එහෙම ඇහුවොත් ඔබට සමහරවිට මෙහෙම හිතෙන්න පුලුවන්. ඇයි දැන් කොයි කාලෙ ඉඳන්ද ඒව තියෙන්නෙ. ATM යන්ත්‍ර(Automated teller machines), credit/debit card, paypal වගේ අන්තර්ජාල සේවා ඇසුරෙන් ඩිජිටල් ක්‍රමයට පාවිච්චි කරන්න මුදල් තියනවනෙ.

ඔව්. ATM යන්ත්‍ර, credit/debit card, paypal වගේ අන්තර්ජාල සේවා කියන්නෙ සාමාන්‍ය මුදලෙම ඩිජිටල් ආකාරයක්. ඒකෙ වාසිය අපි යන යන තැන සල්ලි කොලයි මාරු කාසියි උස්සගෙන යන්න අවශ්‍ය නැති වෙන එකයි.


Virtual මුදල්

53426aef-b33d-8ce7virtual මුදල් කියන්නෙ අතථ්‍ය මුදල්. මේවත් බොහෝ විට පවතින්නෙ ඩිජිටල් ආකාරයෙන්. ඔබ දැකල ඇති පරිගණක ක්‍රීඩා, android games වගේ ඒව ඇතුලෙ coins/credits වගේ දේවල් පාවිච්චි වෙනව. මෙන්න මේව virtual මුදල්. මේව සාමාන්‍ය මුදල් එක්ක සම්බන්ධයක් නෑ. ඒ ක්‍රීඩාවේ හෝ අදාල පරිගණක වැඩසටහන ඇතුලෙ යම් යම් දේවල් ලබාගන්න පාවිච්චි කරන්න පුලුවන්. සැබෑ ජීවිතයෙදි මේවායෙන් වැඩක් නෑ. (උදා – coins භාවිතා කර ක්‍රීඩාවේ  weapons unlock කරගැනීම)


දැන් කෝ bitcoin? අනම් මනම් මුදල් ගැන කියෙව්වට තාම bitcoin ගැන වචනයක්වත් කියවුනේ නෑනෙ. Bitcoin කියන්නෙ Digital cryptocurrency එකක්. මේක ඩිජිටල් සහ අතථ්‍ය මුදල් වල ලක්ශණ දරනව වගේම මුදල කියන අපූරු සංකල්පය ගැන අලුත් විදියකට හිතන්නත් අපිට කියල දෙනව.

Cryptocurrency

Cryptocurrency එකක් කියන්නෙ සාමාන්‍ය මුදල් වගේම ගණුදෙනු කිරීමේ මාධ්‍යයක්. හැබැයි සියලුම ගණුදෙනු cryptography මගින් සුරක්ෂිත වෙනවා සහ අලුතෙන් මුදල් ඒකක නිපදවීම පාලනය කෙරෙනව. සාමාන්‍ය මුදල් වගේ අච්චු ගහන්නවත් හිතුමනාපෙට හොර සල්ලි ගහන්නවත් බෑ.

Bitcoin යනු සරලවම…  

සාමාන්‍ය මුදලෙ තියන අඩුපාඩු නැති බොහොම සාදාරණ මුදල් ඒකකයක් විදියට හදුන්වන්න පුලුවන්. Bitcoin වලට සාමාන්‍ය මුදල්  වල නැති මෙන්න මේ ලක්ශන තියනව

  • හොරට නිපදවන්න බෑ
  • විකේන්ද්‍රිතයි. ඒ කියන්නෙ ඒකට පාලනය කරන්නෙක් නෑ. මුලදි අර්ථදක්වපු නීති සමූහයකට අනුකූලව ඒක දිගටම ක්‍රියාත්මක වෙනව.

ඊට අමතරව,

  • Bitcoin ක්‍රියාත්මක වෙන්නෙ අන්තර්ජාලය පදනම්ව. ඒ නිසා ඩිජිටල් ලක්ශන දරනව.
  • Bitcoin සාමාන්‍ය මුදල් වල ඩිජිටල් ආකාරයක් නෙවෙයි. ඒ නිසා virtual ලක්ශන දරනව.

ඊටත් අමතරව bitcoin සුරක්ශිතයි. ඒ වගේම එකම බිට්කොයින් එකකින් දෙපාරක් ගෙවන්නත් බෑ. ඒ ගැන සවිස්තරව ඊලඟ ලිපියෙ කියන්නම්.

හොරට නිපදවන්න හෝ රජයකට හෝ කලාපයකට පාලනය කරන්න බැරි නිසාත්, ඕනෑම තැනක සිට ආරක්ශාකාරීව ගණුදෙනු කළ හැකි නිසාත් මේ මුදල් සුවිශේෂයි. මේ වාසි නිසා ලෝකය පුරාම දැන් ගණුදෙනු සඳහා bitcoin භාවිතා කරනව.

මේ ටික කියෙව්වාම bitcoin ගැන සරල අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතනව. Bitcoin හැදුවෙ කවුද? Bitcoin හැදෙන්නෙ කොහොමද? වගේ දේවල් අපි ඉස්සරහට කතා කරමු. මීලඟ ලිපියෙන් මූලික වශයෙන් මෙන්න මේ කරණු ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව.

  • ඩිජිටල් වශයෙන් අර්ථ දක්වපු මුදලක් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
  • ඒ මුදල් අර්ථ දක්වද්දි එන ගැටළු මොනවද?
  • ඒ ගැටළු වලට bitcoin වලදි උත්තර හොයල තියෙන්නෙ කොහොමද?

Annual General Meeting of SCSSA 2015

The annual general meeting of the statistics and computer science students association was held on 30th of march 2015 at the science auditorium. The meeting was conducted by the president K.R.S.N Bandara untill the appointment of the new president.

With the participation of all the invited guests from the department and the lecture panel of statistics and computer science department and all the demonstrators and about hundred students, the meeting was carried.

New office bearers were appointed by the students nominations. Then Dr. S.R Liyanage addressed the gathering while giving us so many advices to success our carrier.

New president presented his message with the future goals which SCSSA is going to archive. Finally, the meeting was determinated with the vote of thanks by the secretary.


This slideshow requires JavaScript.

SCSSA blog launched!

පවර, The official blog of statistics and computer science students association – university of kelaniya, launched today.  Through this entire blog, we will advance subject related, non-subject related, creative and entertaining posts with the contribution of our students and also about the events of UCSSA.

Keep in touch.

Statistics and Computer Science Students Association University of Kelaniya